May 17, 2024

අද දවසේ ලග්න පලාපලය

මේෂ ලග්නය

අද දවස තුල ඔබගෙන් බිහි වන නිර්මාණ බොහෝ අයගේ පැසසුමට ලක් වන බව කිව හැකියි. රැකි රක්ෂා ආශ්‍රිතව තීන්දු තීරන ගැනීමේදී තරමක් සිතාබලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. වැටීම්, තැලීම්, කැලලි සහිත තුවාල ඇති වීම් වලට ඉඩ කඩ ඇති බැවින් තරමක් සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.

වෘෂභ ලග්නය

අද දිනයේදී ශුභ ඵල දිනාගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම ඔබට පංචමහා පුරුශයෝගයක් වන රුචක නමැති යෝගයක් උදා වී තිබීමද ඉතාමත්ම ශුභ ග්‍රහ රටාවක් උදා කර පවතිනවා. බොහෝ විට නිශ්චිත වූ බලාපොරොත්තු ඉටු කරගැනීමට අද දවසේ පවතින ග්‍රහ රටාව ඉතාමත්ම යහපත්.

මිථුන ලග්නය

අද දිනයේදී ඔබට බුධ ආදිත්‍ය යෝගයක් උභයචාරි යෝගයක් උදා වී පවතිනවා. ඔබට ඉතාමත්ම යහපත් තත්වයකි අද උදා වී පවතින්නේ. ඔබට යම්කිසි මුදලක් ලැබීමේ යම් ප්‍රමාද දෝෂයක් පැවතුනානම් අද දවසේ පවතින ග්‍රහ සිත්තම එවැනි කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව පවතියි. සාර්ථක දවසක් උදා කරගැනීමේ හැකියාව පවතිනවා.

කටක ලග්නය

කටක ලග්න හිමියනට අද දිනය ඉතාමත්ම ශුභයි. ඔබට තීන්දු තීරණ ගැනීමේ නොහැකියාවක් පවතුනානම් එවැනි තීන්දු තීරණ ගැනීමට යෝග්‍ය කාලයකි උදා වී ඇත්තේ. අද දවසේදී ජලාශ්‍රිත කටයුතු වලින් ඔබට සාර්ථකත්වය පහසුවෙන්ම අත්පත් කරගැනීමට හැකියාව පවතිනවා. ඔබ මැණික් ආශ්‍රිත කටයුතු වල නිරත වනවානම් ඉතාමත් යහපත්.

සිංහ ලග්නය

ඔබට බුධ ආදිත්‍ය යෝගයක් උභයචාරි යෝගයක් උදා වී පැවතීම ඉතාමත්ම ශුභයි. නමුත් ඔබට මුල්‍ය ශක්තිය කෙරෙහි යම් යම් බලපෑම් එල්ල වන්නට හැකියාව පවතිනවා. නිෂ්ඵල වියපැහැදම් මෙන්ම නිෂ්ඵල ගමන් බිමන් බහුල කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම තැන්පත් ධනය වැය වීම් බහුල කරවයි.

කන්‍යා ලග්නය

පසුගිය දිනවල පැවති කායික, මානසික ව්‍යාකුල තත්වයන් ඔබගෙන් පහව යන ආකාරයකි දක්නට ලැබෙන්නේ. බොහෝ විට දුරබැහැර උදවිය සමග කරනු ලබන ගනුදෙනු අතිසාර්ථක අයුරින් නිමාකරගැනීමේ හැකියාව ඔබට පවතියි. ජංගම ව්‍යාපාර කටයුතු වල නිරත වන උදවියට ඉතාමත්ම වාසි සහගත දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්.

තුලා ලග්නය

ඔබට අද දිනයේදී රැකි රක්ෂා පිළිබඳව තිබු බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඉතාමත්ම යහපත් ග්‍රහ පිහිටීමකි අද දිනයේදී ඔබට බලපවත්වන්නේ. දවසේ උදෑසනම මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කර, වරක් හෝ ශ්‍රවනය කර දවස ආරම්භ කල හැකිනම් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරගත හැක.

වෘශ්චික ලග්නය

අද දිනයේදී ඔබට බුධ ආදිත්‍ය නමැති යෝගයක් උදා කර පවතිනවා. අද දිනයේදී ඔබ දැනුම හැකියා දක්ෂතාවයන් හෙලිපෙහෙළි කරගැනීමට ඔබ කරනු ලබන උත්සාහයන් අතිසාර්ථක කරගැනීමට හැකියාව ලැබේවි. ඔබගේ ඉලක්ක කරා යාමට ඔබට මේ පවතින ග්‍රහ රටාව අතිශය වැදගත් වේ.

ධනු ලග්නය

ඔබට ධර්මකර්නාධිපති නමැති පංචමහා පුරුශයෝගයක්ද උදා වී පවතිනවා. නමුත් අද දිනයේදී ඔබට පවතින සමහර ග්‍රහපිහිටීම් ඔබට යහපත් තත්වයක් නොවෙයි උදා කරවන්නේ. උදෑසන සිටම පැවති මානසික, කායික ආබාධතා ඇති විමට ඉඩකඩක් පවතිනවා. කතා බහ තුලින් තරමක් ප්‍රවේශම් වීම ඉතාමත්ම වැදගත්.

මකර ලග්නය

ඔබට බුධ ආදිත්‍ය යෝගයක්, උභයචාරි යෝගයක් උදා වී පැවතීම ඉතාමත්ම ශුභයි. විවාහාදී කටයුතු ප්‍රමාද වී තිබු මකර ලග්න හිමියනට අද දිනයේදී එවැනි කටයුතු වලට ශුභ ග්‍රහ රටාවක් උදා කර තිබෙනවා. හැකියාවක් තිබේනම් උදෑසනම කරඳ වෘක්ෂයකට වතුර ස්වල්පයක් දමා දවස ආරම්භ කරන්න.

කුම්භ ලග්නය

ඔබ අද දිනයේදී වටිනා කියන බඩු බාහිරාදිය පාවිච්චි කිරීමේදී තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. අද තමන් සතු වටිනා කියන දෑ කැඩී, බිඳී යාමට හැකියාවක් පවතියි. පපුව ආශ්‍රිත රෝගපිඩාවන්ට ලක් වීමේ ඉඩකඩ වැඩියි. සැලකිලිමත්ව දිනය සැලසුම් කර කටයුතු කිරීමෙන් ඔබට ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකියාව ලැබේ.

මීන ලග්නය

අද දිනය තුල ඔබට ශුභ අශුභ ඵල මිශ්‍ර ග්‍රහ රටාවක් පෙන්නුම් කරනවා. බොහෝ විට උදෑසන කාලය ඔබගේ අනාගතය තීන්දු කරන තීරණ වලට එළඹෙන ආකාරයක් පෙන්නුම් කරනවා. තමන්ගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වැඩිපුර කාලය ශ්‍රමය වැය කරන ආකාරයක් දක්නට පුළුවන්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 July 2016 11:54