May 17, 2024

අද දවසේ ලග්න පලාපලය

මේෂ ලග්නය

අද දිනයේදී සඳු සහ කේතු සංයෝග වීම තුල ඔබට තරමක් අද දිනයේදී මානසික පීඩාකාරී ස්වභාවයක් ඇති වීමට හැකියාව පවතිනවා. එමෙන්ම ආහාර නොදිරවීමේ තත්වයක්ද ඔබට ඇති වීමට හැකියාව පවතිනවා. කොන්ද ආශ්‍රිත ආබාධ වලින් බාධා ඇති වේ.

වෘෂභ ලග්නය

අද දිනයේදී ඔබ කරන කියන කටයුතු වල යම්කිසි ව්‍යාකුල ස්වභාවයක් ඇති වීමට හැකියාව පවතිනවා. ඒ නිසා නිසි සැලසුමකට අනුව කටයුතු කරන්නට අමතක කරන්නට එපා. කෙසේ වුවත් වියදම් පාර්ශවය සුළු සුළු වශයෙන් ඉහල යාමේ හැකියාවක්ද පවතිනවා.

මිථුන ලග්නය

ඔබ අද දිනයේදී වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. නමුත් ඔබ වටා සිටින යහළු මිත්‍රාදීන් ඔබගෙන් යම් ප්‍රමාණයක දුරස් විමික් දක්නට ලැබෙනවා. එමෙන්ම අන් අයගේ අප්‍රසාදයද ඔබ කෙරේ ඇති වන්නට පුළුවන්.

කටක ලග්නය

අද දිනයේදී විදේශගත සම්බන්ධතා වලින් ඔබට යම් ආකාරයක වාසි සහගත තත්වයක් ඇති වීමට හැකියාව පවතිනවා. මානසික පීඩාකාරී ස්වභාවයක් ඇති වීමට හැකියාව පවතිනවා. කල්පනාකාරීව කටයුතු කිරීම තුල ඔබට සාර්ථකත්වය උදා වනු ඇත.

සිංහ ලග්නය

අද දිනය තරමක් කාර්යබහුල ස්වභාවයක් දක්නට ලැබෙනවා. එමෙන්ම අද දිනයේදී වැඩි කෙටි ගමන් බිමන් ප්‍රමාණයක් ඇති වීම ඔබට පීඩාකාරී ස්වභාවයක් ඇති වනවා. අද දිනයේදී ඔබ බලාපොරොත්තු වන කටයුතු සිදු කිරීමට බාධා ඇති වේවි.

කන්‍යා ලග්නය

අතහැරදමා තිබු බොහෝ කටයුතු යලි ආරම්භ කිරීමට අද දිනයේදී ඔබට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම විනෝදජනක ආකාරයෙන් කටයුතු කරන්නටත් ඔබට හැකියාව ලැබෙනු ඇත. ගෙදරදොරේ උදවියත් සමග ඉතාමත්ම සුහද ලීලාවෙන් කටයුතු කල හැකි වේවි.

තුලා ලග්නය

ඔබට අද දිනයේදී පරිවර්තන යෝගකාරක තත්වයක් ඇති වී තිබෙන බව අමතක කරන්නට එපා. ඔබ කරනු ගණුදෙනු වලින්නම් ඔබට වැඩි වාසි සහගත තත්වයක් උදා කරගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම අන්‍ය ආගමික පුද්ගලයින් සමග කටයුතු කර වාසි උදාකරගත හැක.

වෘශ්චික ලග්නය

ඔබගේ දෛනික කටයුතු වලට සුළු සුළු බාධාකාරී තත්වයන් ඇති වීමේ හැකියාව පවතිනවා. ඔබගේ ගෘහාශ්‍රිත කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්නට හැකියාව පවතිනවා. ඉදිකිරිම් කටයුතු වල නිරත වන උදවියට ශුභයි.

ධනු ලග්නය

අද ධනු ලග්න හිමියනට ඉතාමත්ම වාසනාවන්ත දිනයක් ලෙසින් හඳුන්වන්නට හැකියාව පවතිනවා. ඔබ කරන බොහෝ කටයුතු වලට අන් අයගේ උදවු උපකාර ලබාගැනීමේ හැකියාවද පවතිනවා. එමෙන්ම වැඩිහිටි ඥාතීන්ගේ උදවු උපකාරද ලැබේවි.

මකර ලග්නය

ඔබට අද දිනයේදී අනවශ්‍ය වියදම් පාර්ශවයක්ද ඇති වීමට හැකියාව පවතිනවා. අධ්‍යාපනික කටයුතු වලටද වාසනාවන්ත තත්වයක් අද දිනයේදී උදා කරගැනීමේ හැකියාව පවතිනවා. ආමාශගත රෝගාබාධ ආදියද ඇති වීමට හැකියාව පවතිනවා.

කුම්භ ලග්නය

ඔබගේ කටයුතු පෙර පිනෙන් සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. අද දිනයේදී ඔබ මුල්‍ය ශක්තියට වඩා මානසික සුවයට වැඩි අවස්තාවක් ලබාදී කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. නමුත් ඔබ බලාපොරොත්තු වන ආකාරයට කටයුතු ඉටු වේ.

මීන ලග්නය

අද දවසේ ජලාශ්‍රිත පරිසරයන්ගෙන් නම් ඔබට වැඩි පීඩාකාරී ස්වාභාවයක් ඇති වන්නට හැකියාව පවතිනවා. වැඩිමහල් කාන්තා පාර්ශවයන්ගෙන් ඔබට වැඩි උදවු උපකාර ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. යම් පසුබැසීමක් දක්නට ලැබේ.

Rate this item
(0 votes)