May 17, 2024

බුධ මාරුවෙන් රටට සහ ඔබට විය හැකි දේ මෙන්න

December 08, 2015

චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා, තමාගේම නැකැතක් වන 'හත' නැකැතේ ගමන් කරන අතරේ බුධ ධනුවට ඇතුළු වේ. බුධගේ මෙම ග්‍රහ ගෝචරය කරණකොට අප රටේ පාර්ලිමේන්තුව තුළ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇත. විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු නොවූ අන්දමේ සිදුවීමක් පාර්ලිමේන්තුව තුළ සිදු වේ.

නව රජය පත්වූ දා සිටම විපක්ෂයේ සිටිමින් මෙම සම්මුතිවාදී ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් කිහිපදෙනකුම බුධගේ මෙම ග්‍රහ චලිතය තුළ ආණ්ඩුවට එක්වනු ඇත. එලෙස එක්වී ඇමැතිකම් හා විවිධ වරදාන ලබන්නට බොහෝ දුරට ඉඩ තිබෙන බවක් පෙනේ.

සත්වැන්නේ සිටින ගුරුගේ දෘෂ්ටියට එකොළොස්වැන්නේ ගමන් කරන බුධ ලක්වීමෙන් ඉහත කී සිදුවීම්වලට අමතරව පාර්ලිමේන්තුව තුළ නව නීති රීති සම්පාදනය කෙරේ. ඒවා බොහෝ විට අධ්‍යාපන, ළමා හා කාන්තාවන් සම්බන්ධව වීමට බොහෝදුරට ඉඩ තිබේ. වාද විවාද හා කෑකෝ ගැසීම් වැඩිවේ.

බුධගේ නෛසර්ගික ගතිගුණ හා ගුරුගේ නිසඟ ගුණයන්හි එකතුවක් ලෙස මෙම ග්‍රහ ගෝචරය පෙන්වා දිය හැකිය. බුධ ග්‍රහයා දෙසැම්බර් 26 වැනිදා රාත්‍රි 11.55 (23.55) ට මකරයට පිවිසෙන තුරු ඉහත කී ග්‍රහබලය අප රට තුළ ක්‍රියාත්මක වේ.

මේෂ ලග්නය
කරදර, දුක් පීඩා ඇතිවේ. සිතේ සතුට නැතිවේ. රෝගාබාධවලින් පීඩා ගෙන දේ. ධනහානි ඇති කෙරේ. ආදායම් තත්ත්වය දුර්වලවේ. පින් අතේ වැඩට සිත යොමුවේ. උගුරේ ආබාධයක් ඇති විය හැකිය. ගෞරවයට තත්ත්වයට හානි සිදුවේ. අයුතු චෝදනා හා නින්දා අපහාස විඳීමට ඉඩ තිබේ. එහෙත් යම් යම් සුළු සුළු ලාභ හිමිවේ.

වෘෂභ ලග්නය
කටයුතු සාර්ථක වේ. පැතුම් ඉටුවේ. දරුවන් පිළිබඳව සතුටු විය හැකි අවස්ථාවන් උදාවේ. සුවඳ ද්‍රව්‍ය හා අලුත් වස්ත්‍ර ලාභ ඇතිවේ. තම බලය වැඩිවේ. හදිසි ධන ලාභ හිමිවේ. ආදායම් තත්ත්වය යහපත් වේ. බුද්ධිය වැඩිවන අතර ඥානාන්විතව කටයුතු කරනු ඇත. ජයග්‍රහණ හිමිවේ. රැකියා දියුණුවේ.

මිථුන ලග්නය
මධ්‍යස්ථ ඵල සහිතය. කරදර, බාධක මැද සාර්ථකත්වයට පැමිණේ. මිල මුදල් ලාභද වරින් වර හිමිවේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. දරුවන්ට ලෙඩ දුක් පීඩා ඇති වේ. බොරු චෝදනාවන්ට ලක්වීමට ඉඩ තිබේ. නොදැනුවත්කමින් කරදර ළඟාකර ගන්නා කාලයකි. කරන කියන කටයුතුවලින් එතරම් ප්‍රතිඵල නොලැබේ.

කටක ලග්නය
ධන ලාභ හිමිවේ. අලුතින් කටයුතු ආරම්භ කරනු ඇත. ගෞරවයට පාත්‍රවේ. රැකී රක්ෂා හා වෙළහෙළ¼දාම් කටයුතුවලින් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. ශරීර සෞඛ්‍ය යහපත් වේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. කීර්ති ප්‍රශංසා හිමිවේ. නව තනතුරුවලට තෝරා ගැනේ. සියුම් ඥානයෙන් කරන වැඩවලින් ලාභ ප්‍රයෝජන අත්වේ.

සිංහ ලග්නය
අනුමානයට කරන කටයුතුවලින් මධ්‍යස්ථ ප්‍රතිඵල ළඟා කෙරේ. රජයෙන් ගරු සැලකිලි හිමිවේ. නව තනතුරුවලට පත්වන අතර රැකියාවේ දියුණුවක් ඇතිවේ. ගෘහ ජීවිතයේ යම් ගැටලුකාරී අවස්ථාවන් උදාවීමට ඉඩ තිබේ. උසස් අය සමඟ ඇසුර කල්පනාවෙන් කළ යුතුය. කතා බහේදී ප්‍රවේශම් වීම යහපත්ය.

කන්‍යා ලග්නය
කටයුතු සාර්ථකත්වයට හා දියුණුවට පත්වේ. අලුත් වැඩ ඇරැඹීමට සිත් දේ. නම ප්‍රසිද්ධියට පත්වේ. විභාග හා පරීක්ෂණවලින් ජය අත්වේ. කීර්ති ප්‍රශංසා හිමිවේ. ආදායම් තත්ත්වය යහපත් වේ. පවුලේ දියුණුවට කටයුතු සැලසේ. මිල මුදල් ලාභ හිමිවේ. යහපත් මිතුරන්ගේ ඇසුරට පත්වේ. මවුට නිරෝගී සුවය හිමිවන කාලයකි.

තුලා ලග්නය
දුරදිග නොබලා කරන කතා බහ නිසා ආරවුල් ඇතිවේ. විශේෂයෙන් ඥාතීන් සමඟ ප්‍රශ්න ඇති විය හැකිය. ගෘහ ජීවිතය ප්‍රවේශමෙන් ගත කළ යුතුය. ස්ථාන වෙනසක් ඇති වීමට ඉඩ තිබේ. වියදම් පක්ෂය ඉහළ යනු ඇත. උසස් අයගෙන් හා හාම්පුතුන්ගෙන් දෝෂාරෝපණ එල්ල වේ. සිතට කරදර හා දුක් පීඩා ඇතිවන කාලයකි.

වෘශ්චික ලග්නය
තත්ත්වයෙන් උසස් වේ. උසස් අයගෙන් දියුණුවට ආධාර උපකාර හිමිවේ. යනෙන ගමන් බිමන් සාර්ථක වේ. ධනලාභ ලැබෙන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. කරන කියන සෑම දෙයකින්ම දියුණුවක් හා සොම්නසක් ඇතිවේ. අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා වේ. පෙරපින් මතුවේ.

ධනු ලග්නය
නැවුම් සිතිවිලි පහළ වේ. ගමන් බිමන් අධික වේ. කතාවෙන් ජයගත හැකිවේ. ලියකියවිලි හා පොත්පත් වැඩවලින් සාර්ථක ප්‍රතිඵල අත්වේ. ස්ථාන වෙනසක් හෝ නිවෙසේ බඩු මුට්ටු වෙනස් කිරීමක් හෝ සිදුවේ. අලුත් ඉගෙනීම්වලට සිත්දේ. තරමක උදාසීනකමක් හෝ මැළිකමක් සිතට දැනෙනු ඇත. රැවටීමකට අසුවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න.

මකර ලග්නය
අඟ හිඟකම් ඇතිවීමට ඉඩ ඇත. මුදල් සෙවීමට විවිධ ක්‍රම උපයෝගි කර ගැනීමට සිත්දේ. සිත් තැවුල් ඇතිවන අතර ගෘහ ජීවිතයට එයින් බාධා පැමිණේ. කරගෙන ආ හෝ කරන්නට සූදානම් වන කටයුතුද අවුල් වී ප්‍රමාද වේ. රහසිගත ගමනක යෙදේ. හිතවතුන්ගෙන් උපකාර ඉල්ලීමට සිතෙනු ඇත. සිතේ සතුට අහිමිවන කාලයකි.

කුම්භ ලග්නය
ජීවිතයේ නව පිටුවක් පෙරැළේ. සෑම අංශයකින්ම ජීවිතයේ දියුණුවක් අපේක්ෂා කළ හැකිය. මිල මුදල් ලාභ හිමිවේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. සිතේ සතුට රජයනු ඇත. ලෙඩ දුක්වලින් සුවය ලැබේ. කීර්තිය වැඩිවන අතර ප්‍රශංසාද හිමිවේ. අලුත් දේ ඉගෙනීමට සිත යොමුවේ. බුද්ධිය හා ඥානය වැඩිවන කාලයකි.

මීන ලග්නය
කතාවෙන් අන්‍යයන් තමාට වසඟ කරගත හැකිය. ඔබේ වදන්වලට අන්‍යයන් අඩංගුවේ. රැකියා, ව්‍යාපාර, වෙළහෙළ¼දාම් කටයුතුවලින් උසස් දියුණුවක් ඇතිවේ. අලුත් තනතුරුවලට තෝරා ගැනෙනු ඇත. ධනලාභ ලැබෙන අතර මිල මුදල් තත්ත්වය යහපත් වේ. නිරෝගී සුවය අත් වේ. විනෝද ගමන්වල යෙදීමට අවස්ථාව උදාවේ. නඩු හබවලින් නිදහස ලැබෙන කාලයකි.

පාරම්පරික ජේ‍යාතිෂවේදී
කොටදෙණියාවේ ඩී.ඩග්ලස් නිමලවංශ
ගුණවර්ධන

Rate this item
(0 votes)