May 18, 2024

මාධ්‍යවේදීන් කුරුණෑගල උද්ඝෝෂණයක (PHOTOS)

මාධ්‍යවේදීන් පිරිසක් අද (01) කුරුණෑගල නගරයේදී උද්ඝෝෂණයක නිරතවිය.

ඒ වයඹ පළාත් සභාව පිළිබඳව වාර්තා කරන මාධ්‍යවේදීන්ට සභා රැස්වීම් වාර්තා කිරීමට ඉඩ නොදෙමින් මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත්කළ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි මහතාට විරෝධය දක්වමිනි.

මෙම උද්ඝෝෂණයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගී වු අතර මාධ්‍යවේදීන් වයඹ ආණ්ඩුකාරවරයා වන අමරා පියසීලි රත්නායක මහත්මියට සංදේශයක්ද බාර දුන් බව වාර්තා වේ.

ඡායාරූප පහතින්

කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න

Rate this item
(0 votes)