May 18, 2024

යෝෂිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණු බව වාර්තා වේ.

ඒ මහතා බන්ධනාගාරගත කර සිටින්නේ පෞද්ගලික නාලිකාවක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධවය.

තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව යෝෂිත රාජපක්ෂ මහතා මෙම පෙත්සම මගින් ප‍්‍රකාශකර තිබේ.

ඒ අනුව තමන් ඇප මත මුදාහරින්න ලෙස කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට නියෝගයක් කරන්නැයි යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන බව මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් මීට පෙර කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඇප අයදුමක් ඉදිරිපත් කෙරුණ ද එම ඇප අයදුම ප‍්‍රතික්ෂේප වූ නිසා ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ද ගොනුකර තිබේ.

එම අභියාචනය ඊයේ (29) විභාගයට ගැනුණු අතර එහි වැඩිදුර විභාගය ලබන 08 වෙනිදාට කල් තැබුණි.

 

Rate this item
(0 votes)