May 18, 2024

යෝෂිත 15වෙනි වතාවටත් FCIDයට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියේ ය.

ඒ, ඔහුගේ පෞද්ගලික වත්කම් සහ CSN නාලිකාව සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමටයි.

අද දින ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ ඇත්තේ 15වෙනි වරට වන අතර ඊයේ (04) පෙරවරුවේදීත් ඔහු ඒ වෙත පැමිණ පැය 05කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම් වලට ලක්වුණි.

මීට අමතරව පසුගිය රජය සමයේ සිදුවූ වංචා දූෂණ සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන පරීක්ෂණ සඳහා ප්‍රකාශ ලබා ගැනීමට සඑ සාක්ෂි සටහන් කර ගැනීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන ප්‍රධානීන් 14දෙනෙකු ද අද දිනයේ දී පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 July 2016 14:31