May 18, 2024

ධීවර ගැටළුවට ඉන්දියාවෙන් නව පියවරක් (PHOTOS)

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම නැවත්වීමට ඉන්දියාව සූදානමින් සිටින බවත් ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දීය මුහුදු සීමාව ආක්‍රමණය කොට මසුන් මැරීම පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බවත් ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ඒ. නටරාජා මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ උතුරේ ධීවර සමිති සාමාජිකයින් පිරිසක් ඊයේ (29) විරෝධතා පෙළපාලියකින් පැමිණ යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේදීය.

උතුරේ ධීවර සමිති නායකයින් සහ ධීවරයින් මෙම විරෝධතා පෙළපාලිය යාපනය දිසාපති කාර්යාලය ඉදිරි පිටින් ආරම්භකොට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වෙත ලිපියක් භාරදෙනු ලැබීය.

එහිදී ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් වරයා කියා සිටියේ මේ වන විට ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම අඩු වී ඇති බවත් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට නොපැමිණෙන මෙන් බලධාරීන් නිතර නිතර අවවාද කරන නමුත් එම අවවාද නොතකන ධීවරයින් පමණක් මේ අන්දමට ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන බවත්ය.

ඡායාරූප පහතින්

රොමේෂ් මධුෂංඛ - වන්නි

Rate this item
(0 votes)