May 18, 2024

ඡන්දය ඉක්මනින් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය මැතිවරණ කොමිසමට (VIDEO)

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වන නිසා එදිනට පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි නියෝජිතයින් පිරිසක් ඊයේ (29) පස්වරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණ කොමිසම් සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා හමු වී ඉල්ලීමක් කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියේ මැතිවරණ නිසි වේලාවට පවත්වන බවට පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ජනතාවට පොරොන්දු වූ බැවින් පළාත් පාලන මැතිවරණය තවත් කල් නොදමා කඩිනමින් පැවැත්විය යුතු බවය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා, පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා, හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන මහත්වරු ද සහභාගී වූ බව වාර්තා වේ.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2016 10:25