May 07, 2024

යෝෂිතට ඇප ඉල්ලා මහාධිකරණයට පෙත්සම්

February 15, 2016

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු CSN නාලිකාවේ සිදු වී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පස් දෙනාට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් මහාධිකරණය වෙත පෙත්සම් 05ක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ලබන 17 වෙනිදා එම ඇප අයදුම්පත් සලකා බැලීමට තීරණය කර තිබේ.

පසුගිය දා කඩුවෙල අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර එම තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණය වෙත මෙසේ පෙත්සම් ඉදිරිපත් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2016 15:01