May 07, 2024

යෝෂිතගේ කුටිය අවට විශේෂ ආරක්ෂිත කලාපයක්

February 15, 2016

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලු සිව්දෙනා රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටිය අවට විශේෂ ආරක්ෂිත කලාපයක් බවට පත් කර තිබේ.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ මහතා සහ සෙසු සැකකරුවන් පැය 24 පුරා ජේලර්වරුන් දෙදෙනෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ පසුවන අතර යෝෂිත රාජපක්ෂ මහතා අමුත්තන් හමුවට රැගෙන යන සෑම අවස්ථාවකදීම එක් ජේලර්වරයෙකු ඔහු අසලම රැඳී සිටින බව ද වාර්තා වේ.

එමෙන්ම අදාළ ජේලර්වරුන් දෙදෙනාගේ අනුමැතියකින් හෝ අවසරයකින් තොරව කිසිවිටක යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට J වාට්ටුවෙන් පිටතට යාමට අවස්ථාවක් නොලැබෙන අතර J වාට්ටුවට යාබද සිර කුටියක තිබී පසුගියදා ජංගම දුරකථනයක් සොයා ගැනීම මෙලෙස දැඩි නීති පැනවීමට හේතු වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2016 09:55