May 03, 2024

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 23 දා

February 13, 2016

පසුගිය 2015 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 23 වන දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයින පුරා පිහිටුවා ඇති පරික්ෂණ මණ්ඩල 1205 කදී ප්‍රායෝගික පරික්ෂණ පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර පෙරදිග හා අපරදිග සංගීතය, කර්නාටක සංගීතය, දේශිය සහ භරත නර්තනය සහ නාට්‍ය හා රංග කලාව විෂයන්ට අදාල ප්‍රායෝගික පරික්ෂණ එදින පැවැත්විමට නියමිතව තිබේ.

ප්‍රායෝගික පරික්ෂණ සඳහා අයදුම්කරුවන් එක් ලක්ෂ 61,651 ක් පෙනී සිටිමට නියමිත අතර පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ද, තැපැල් කර යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 10:00