May 05, 2024

වෛද්‍ය සංගමයේ විරෝධතාවයෙන් කොළඹ මාර්ග අවහිර වේ

February 11, 2016

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ නගර ශාලාව හා ඒ අවට ප්‍රදේශය තුළ දැඩි රථ වාහන තදබදයක් ඇති වී ඇති බව වාර්තා වේ.

ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති අතර කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ විය.

ඔවුන් විරෝධතා පාගමනක නිරතවීමෙන් අනතුරුව රැස්වීමක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව වාර්තා වන අතර  මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ රජය විදෙස් රටවල් සමඟ ගිවිසුම් වලට එළඹීමේදී නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවයි. 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 February 2016 17:21