May 06, 2024

යෝෂිත 25 තෙක් යළි රිමාන්ඩ් (VIDEO)

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනා ලබන 25 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් CSN නාළිකාව මගින් රජයේ  දේපල වංචා  කිරිම ඇතුළු චෝදනා රැසක් හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අතර යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනා අද (11) උදෑසන කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ ය.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය පිහිටුවීම සඳහා යොදා ගත් ප්‍රාග් ධනය නීති විරෝධී ලෙස ලැබුණූ රුපියල් කෝටි 36.5 ක් බවයි මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය පවසන්නේ.

සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම සහ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් ආනයනය කළ භාණ්ඩ මිල අඩුවෙන් දැක්වීම ද ඔවුන්ට එරෙහිව ඇති තවත් චෝදනාවන් ය.

CSN නාළිකාවට නීති විරෝධී විදෙස් මූලාශ්‍රවලින් මුදල් ලැබී ඇතැයි ද එතෙර බැංකු වල මුදල් ශ්‍රී ලංකාවට එවා ඇතැයි ද පැවසේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2016 12:49