May 18, 2024

සේයා ඝාතන නඩුව අදත්

කොටදෙණියාව සේයා සදෙව්මී දැරිය ඝාතනයට අදාල නඩුවේ සාක්ෂි කැඳවීම තෙවන දිනටත් අද (27) සිදු කෙරේ.

මීගමුව අධිකරණයේ දී ඊයේ දිනයේ ද සාක්ෂි කැඳවීම සිදු වූ අතර එහි දී මිනුවන්ගොඩ හිටපු මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතාට අද දින මහාධිකරණයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණි.

ඒ අනුව ඔහු අද දින සාක්ෂි ලබා දීමට නියමිතව ඇත.

ඊට අමතරව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනෙකුගෙන් හා ගම්වැසියෙකුගෙන් ද අද දින සාක්ෂි විමසීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)