May 04, 2024

සේයා ඝාතනයේ පරීක්ෂණ කටයුතු පිලිබඳ ජනතා අදහස් මෙන්න!

කොටදෙණියාවේ දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය වෙනුවෙන් තවමත් පවත්මින් පවතින පරීක්ෂණ පසුගිය කාලය පුරාම දැඩි ආන්දෝලනාත්මක පුවත් මැවීමට සමත් විය. අලුත්ම ප්‍රවෘත්තිය වන්නේ එම දැරිය ඝාතනය කලේ තමන් බවට මෙතෙක් කල් සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස නම් කර සිටි දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයාගේ සහෝදරයා විසින් පාපොච්ඡාරණය කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දීමයි.

මීට පෙර එම දැරිය ඝාතනය කළේ තමන් බව පවසා සිටියේ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා වන අතර මෙම නවතම පුවතත් සමඟ මහජනතාව කොටදෙණියාව සිද්ධිය පිලිබඳ සිදුවන පරීක්ෂණ කටයුතු පිලිබඳ පසුවන්නේ වික්ෂිප්තව හා අප්‍රසාදයෙනි. විටින් විට මාධ්‍ය මගින් මෙන්ම පොලිසිය මගින්ද මේ සිද්ධිය සම්බන්ධව ඉදිරිපත් කරන විවිධාකාර ප්‍රකාශ එයට හේතුව බව ඔවුහු පවසා සිටිති.

එමෙන්ම අදාළ ඝාතනයට සැක පිට පාසල් සිසුවෙකු හා දෙදරු පියෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගේ නිර්දෝෂ භාවය DNA පරීක්ෂණ මගින් ඔප්පුවීම නිසා එම දෙදෙනා නිදහස් කිරීමට අධිකරණය විසින් මීට දින කිහිපයකට පෙර නියෝග කරන ලදී.

අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද හෙළිදරව්ව පිලිබඳ සමාජ ජාල තුල ප්‍රකාශ වූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 October 2015 13:06