May 13, 2024

වසර 30කට පසු මැතිසබයේ අඹු සැමි යුවලක්

September 01, 2015

පසුගිය මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ දයා ගමගේ මහතා සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මහත්මිය අද (01) නව පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දෙනු ලැබූහ.

දයා ගමගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන අතර අනෝමා ගමගේ මහත්මිය පසුගිය රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළා ය.

අවසන් වතාවට එකම පාර්ලිමේන්තුව තුළ අඹු සැමි යුවළක් නියෝජනය කර ඇත්තේ 1984 වසරේ දී වන අතර ඒ කුණ්ඩසාලේ අසුන නියෝජනය කළ ආර්.පී. විජේසිරි මහතා සහ හාරිස්පත්තුව නියෝජනය කළ එල්.එම්. විජේසිරි මහත්මියයි.

Rate this item
(1 Vote)

Related items