April 26, 2024

5000 බඩු මල්ල හදලා බැසිල්ට පෙන්නන්න හදනකොට බන්දුලට වෙච්ච හදිය

රු.5000 ට සරිලන බඩු මල්ලක් සූදානම් කරන ලෙස බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයාට උපදෙස්දී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව අනාවරණය වේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගුණවර්ධන අමාත්‍යවරයා සකස් කළ මෙම බඩු මල්ල ප්‍රථමයෙන්ම ඉකුත් 12 වෙනි දින බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට ගුණවර්ධන අමාත්‍යවරයා සූදානම් වී තිබේ.

එහෙත් ගුණවර්ධන අමාත්‍යවරයාගේ එම බලාපොරොත්තු සුන් වී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා එදින පාන්දරම 3ට පමණ ඩුබායි වෙත ගොස් තිබෙන බව දැන ගැනීමත් සමගය.

මේ ප්‍රවෘත්තිය තහවුරු කරගැනීම සඳහා ගුණවර්ධන අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ කිහිප දෙනකුටම කතා කොට තිබේ.

මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය පැනවීම පිලිබද බැසිල් රාජපක්ෂ මහතා තුළ තිබූ දැනුවත්කම මත එම කාලසීමාව තුළ ජනතාව මුහුණදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වල අපහසුතාවය මග හැරීම සඳහා ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනපති විශේෂ කාර්ය සාධන බලකායේ සභාපතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා රු.5000 බඩු මල්ල සකසන ලෙස ගුණවර්ධන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ වන විට රු. 5000 බඩු මල්ල  වෙළෙද පොළට හඳුන්වා දී තිබේ. 

බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වීමට පෙර දින දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සදහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ විශේෂ ජනපති නියෝජිතයා ලෙස එහි සභාපතිත්වයටද පත්කරන ලදී.

මෙම කමිටුවට කැබිනට් ඇමතිවරුන් 5 දෙනෙකු , රාජ්‍ය අමාත්‍යවරුන් 14 දෙනෙකු , ආණ්ඩුකාරවරිය ඇතුළු සාමාජිකයන් 46 දෙනෙකු බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම බලකායට ඇතුළත්ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 19:43