May 15, 2021

පවිත්‍රා ඇමැති ධූරයේ යළි වැඩ අරඹයි! විශේෂ සාකච්ඡාවකුත් පවත්වයි

February 24, 2021

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැති බව එම අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින්, පසුගිය කාලය තුල ක්‍රීයාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙල, පී.සී.ආර් පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රිියාත්මක කිරීම, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී ඇමැතිවරිය අවධානය යොමු කර තිබේ.  

මෙම සාකච්ඡාවට එක්වෙමින් ඇමැතිවරිය කියා සිටියේ තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන කාලය තුල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබූ බවත්, එලෙස ආශිර්වාද පුද පූජා පවත්වමින් ශක්තිය ලබාදුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුලු සියළු දෙනාට සිය ස්තූතිය පුද කරන බවයි.

කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු කාර්ය මණ්ඩලය සහෝදරත්වයෙන්, එකමුතුව එක පවුලක අය මෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැටළුකාරි තත්ත්වයන්ගෙන් තොරව කොවිඩ් මර්දන වැඩපිළිවෙල ඉදිරියට ගෙනඒමට හැකි වූ බවත්, ඉදිරියටත් එම වැඩපිළිවෙල එලෙසින්ම ශක්තිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඇමැතිවරිය පෙන්වා දී තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2021 10:22