April 27, 2024

දේශපාලන මැදිහත්වීමකට ජනපති සූදානම්! පොදුජන සන්ධානයේ තනතුරකට ජනපතිට ආරාධනා 

February 22, 2021

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන් මසකට වරක් රැස්වී සාකච්ඡා කිරීමට මැදිහත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ පසුගිය 19 වනදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරක් භාර ගන්නා ලෙසද දේශපාලන පක්ෂ නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

තනතුරු භාරගැනීම කෙසේ වෙතත් දේශපාලන මැදිහත්වීමක් කිරීමට ජනාධිපතිවරයා සූදානම් බව සාකච්ඡාවට එක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවැති පළමු සාකච්ඡා වට දෙකටම සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම සාකච්ඡාවට සහභාගි නොවීමද විශේෂත්වයකි. මෙම පක්ෂ නායකයන්ගේ මීළඟ සාකච්ඡාව ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 10:40

Related items