April 28, 2024

සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනී

November 12, 2021

ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතා අද සවස සිය දිවිගමනට සමුදී තිබෙනවා. කලක් අසනීපයෙන් සිටි ලක්ෂ්මන් විජේසේකර මහතා අමා විජේසේකර සහ විහඟ විජේසේකරගේ පියාණන් වන අතර විමල් කැටිපේආරච්චිගේ මාමණ්ඩියද වෙනවා. මීට කලකට ඉහත ජීවිතයෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ කළා ශිල්පිණී චන්ද්‍රා කළුආරච්චි මහත්මියගේ සැමියායි.

විවිධ කාල වකවානුවල විවිධ සමාජ අසාධාරණයන්ට එරෙහිව තම සමකාලීනයන් සමඟත් පසුකාලීනයන් සමඟත් එක්ව කටයුතු කළ ලක්ෂ්මන් විජේසේකර මහතා පරම්පරා ගණනාවක ආදරය සහ ගෞරවය දිනාගත් කලා ශිල්පියෙක්.

ලක්ෂ්මන් විජේසේකර මහතා දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී නිර්මාණ රැසක් බිහිකළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු මෙන්ම වෙ‍ළඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකුද වනවා. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවුනා.

අභාවප්‍රාප්ත ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා හෙට (13) දින ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

 

Rate this item
(0 votes)