May 17, 2024

ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.  

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 79 කි.

විශ්‍රමිකව සිටි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කුරුවිට එක්නැළිගොඩ වලව්වේ ජීවත්විය.

පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල ( පී.ඊ.පී. දැරණියගල) මහතා ශිරාන් දැරණියගල මහතාගේ පියා විය. මව ප්‍රීති මොලමුරේ මහත්මියයි. පවුලේ තුන්වැන්නා ශිරාන් දැරණියගල මහතායි.

ඓතිහාසික එක්නැළිගොඩ පරපුර ඔහු නියෝජනය කරයි.

ආචාර්ය ශිරාන් දැරණියගල මහතා දශක 4කට අධික කාලයක් මෙරට පුරා විද්‍යාව වෙනුවෙන් අනූපමේය සේවයක් ඉටු කළේ ය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලින් පාසල් අධ්‍යාපනය ලැබූ ඒ මහතා වයස අවුරුදු 17 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර ඉන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගත්තේ ය.

අනතුරුව ලන්ඩන් විශ්ව විද්‍යාලයකින් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ගෞරව සාමාර්ථ සහිතව ලබා ගත්තේ පුරාවිද්‍යා විෂයේ සෑම අංශයකම දක්ෂතා පෙන් වූ හොඳම ශිෂ්‍යයාට හිමි වන ගෝර්ඩන් චයිල්ඩ් ත්‍යාගය ද දිනා ගනිමිනි.

අදින් වසර 130, 000ක් පැරණි ඉරණමඩු පාංශු සංයුතිය යනුවෙන් හැඳින්වෙන උතුරු දකුණු හා වයඹ වෙරළ තීරයන්හි ගවේෂණය කරා ඔහුගේ අවධානය යොමු වීම මෙරට ප්‍රාග් ඓතිහාසික පුරා විද්‍යා ‍ක්ෂේත්‍රය අධ්‍යයනයේ සන්ධිස්ථානයකි.

දකුණු ආසියාවේ ජීවත් වූ නවීන මානවයාගේ පුරානතම ජනාවාස වූ දකුණු ආසියාවේ ජීවත් වූ නවීන මානවයාගේ පුරාණතම ජනාවාස වූ පාහියන්ගල ලෙන ,බටදොඹ ලෙන,බෙලි ලෙන ,අළු ලෙන ආදි බොහෝ ස්ථාන විධිමත් කැණීමකට ලක් කළ එතුමන් එහි ගල් ආයුධ හා මෙවලම් මෙන්ම මානව අස්ථි කොටස් විද්‍යාත්මක කාල නිර්ණයකට ලක් කර මෙරට ප්‍රාග් ඓතිහාසික යුගයේ කරුණු රැසක් ලොව හමුවේ අනාවරණ කළේ ය.

1992 සිට 2001 දක්වා ලංකාවේ පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතායි. ශ්‍රීලංකාවේ පුරාවිද්‍යා අධක්‍ෂ ජනනරාල් තනතුරේ පියපුතු දෙපලක් සේවය කිරීමේ ගෞරවය ලබාදුන්නේද ශිරාන් දැරණියගල මහතාටය.

එපමණක් නොව මෙරට ප්‍රාග් ඓතිහාසික පුරා විද්‍යා ක්ෂ්‍රෙත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදය පුළුල් කළේ ද දැරණියගල මහතායි.

Rate this item
(0 votes)