April 27, 2024

බස්නාහිර හා දකුණේ මහ ඇමති හා ඇමතිවරු

බස්නාහිර සහ දකුණු පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් හා අමාත්‍යවරුන් අද (04) පෙරවරුවේ යෙදුනු සුබ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්හ.

බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ දකුණු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා මෙවර ද මේ පළාත් දෙකේ ප්‍රධාන අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

{module LOLC}

බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සෝමවංශ මහතාත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස උපාලි කොඩිකාර මහතාත් පත් කර තිබේ.

දකුණු පළාත් සභාවේ අමාත්‍යවරුන් ලෙස චන්දිම රාසපුත්‍ර මහතා අධ්‍යාපන හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත්, ඩී.වී උපුල් මහතා ධීවර අමාත්‍යවරයා ලෙසත්, යූ.ඩී ආරියතිලක මහතා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.

පසුගිය දා පැවති බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත්වූ මන්ත්‍රිවරුන් ද මේ සමඟ දිවුරුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 April 2014 09:57