May 09, 2024

නැගෙනහිර වැලි ජාවාරමක්: ඩොලර් අතුරුදහන් - පිටුපස සිටින්නේ ආණ්ඩුකාරවරිය - මන්ත්‍රීගෙන් හෙළිදරව්වක්

September 07, 2021

නැගෙනහිර පළාතේ වැලි මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා රැගෙන යන බවට තොරතුරු හෙළිදරව් වන බව ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළා.

ලැබෙන ඩොලර් අතුරුදහන්

රටේ ඩොලර් නැති මේ අවස්ථාවේ එසේ අලෙවි කරන වැලි සඳහා ලැබෙන ඩොලර්ද මෙරටට ලැබෙන්නේ නැති බවටත් ආරංචියක් තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම වැලි පටවන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බවයි.

රණ්ඩු වන බව බොරුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අර්බුදයක් තිබෙන බව එළිපිට පෙන්නුවට මේ කටයුත්ත සිදු වන්නේ ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරයෙකු පරිසර අමාත්‍ය ධූරය දරද්දී බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

මේ කටයුත්තට සහයෝගය දෙන්නේ වියත් මගෙන් පැමිණි අනුරාධා යහම්පත් ආණ්ඩුකාරවරිය බව සඳහන් කරන මන්ත්‍රීවරයා ඇය නීතියට කිසිම ගරුත්වයක් දක්වන්නෙ නැති බවයි පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 September 2021 11:54