May 11, 2024

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කරයි

September 06, 2021

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක මෙන්ම ජනප්‍රිය ගායකයෙකු වන සුනිල් පෙරේරා මහතා නැවත වරක් රෝහල් ගත කර ඇති බවට වාර්තා වෙනවා.

ඒ මහතා පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ.

ඩේලිමිරර් පුවත්පත සුනිල් පෙරේරා මහතාගේ ඥාතීන් උපුටා දක්වමින් පවසා තිබුණේ ඔහුට නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි.

පසුගිය මාසයේ දී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වූ අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසුව ඒ මහතා නිවස වෙත පැමිණියා.

ඉන්පසුවයි මෙලෙස නැවත ඊයේ (05) දිනයේ රෝහල් ගත කර තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 September 2021 00:35