May 13, 2024

ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කඩිනම් කරයි

September 05, 2021

මහනුවර නගරයේ නිරන්තරයෙන් පවතින රථ වාහන තදබදයට පිලියම් ලෙස හංගේරියානු ජනරජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකිරීම් කටයුතු ආරම්භ කල ගැටඹේ ගුවන් පාලමේ වැඩකටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීම තුලින් පේරාදෙණිය - මහනුවර මාර්ගයේ පවතින රථ වාහන තදබදය අවම වන බව පැවසූ අමාත්‍යවරයා මීට සමගාමිව මහනුවර නගරයේ පවතින රථවාහන තදබදයට පිලියම් ලෙස මේවන විට මාර්ග 18 ක් හඳුනාගෙන ඒවා පුලුල් කර සංවර්ධනය කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බව කියා සිටියා.

වර්තමානයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල ප්‍රධාන මාර්ග වල පවතින රථවාහන තදබදයට පිලියම් යෙදීමේ එක් පියවරක් ලෙස වාහන තදබදය අධිකව පවතින ස්ථාන වල ගුවන් පාලම් ඉදිකිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

Rate this item
(0 votes)