May 11, 2024

තිරිඟු පිටි හිඟයක්

September 04, 2021

මේවන විට වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

වෙළඳපොළේ තිරිඟු පිටි හිඟයක් ද පවතින බව වාර්තා වනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම සහ වැඩි මිලට අලෙවි කිරීම වැළැක්වීමේ අරමුණින් හදිසි නීති රෙගුලාසි පැනවීමත් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දිනවල අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සොයා තවදුරටත් වැටලීම් සිදු කරනවා.

මේ වනවිට වැටලීම්වලින් සීනි මෙට්‍රික් ටොන් 32,597ක් සහ වී මෙට්‍රික් ටොන් 643.5ක් සොයාගෙන ඇති බව යි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

මේ අතර වවුනියාව - කෝවිල්කුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී නියමිත මිලට වඩා වැඩි මිලකට සහල් සහ පාන් පිටි අලෙවි කළ වෙළඳසැලක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එහි දී අනාවරණ වූයේ ඇසුරුමේ සඳහන් කර ඇති මිල වෙනුවට වෙනත් මිලක් යොදා ඒවා අලෙවි කර ඇති බවටයි.

Rate this item
(0 votes)