May 11, 2024

"සන්ෂයින් සුද්දා"ට කොවිඩ්!

September 04, 2021

මාතර, වැලිගම කොටවිල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔහු ඊයේ (03) දහවල් කොටවිල, වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙක් විසින් වෙඩිතබා ඝාතනයකර තිබුණි.

සන්ෂයින් සුද්දාට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා එල්ලවිනි.

31 හැවිරිදි ඔහු, මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඔහුගේ මෘත දේහය සම්බන්ධයෙන් අද දිනයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

මේ අතර සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ සිද්ධිය සඳහා යොදාගත් මෝටර් රථය ද මාතර ප්‍රදේශයේ අතහැර දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

Rate this item
(0 votes)