May 16, 2024

සන්ෂයින් සුද්දත් කපෝතියි

September 03, 2021

ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු වන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නැමැත්තා නන්නාඳුන වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වනවා.

අන්වර්ථ නම

ඔහු වඩාත් ප්‍රකට ව සිටියේ සන්සයින් සුද්දා යන අන්වර්ථ නමින් .

පොලිස් වෙඩි පහරින් මිය ගිය පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන පෙළේ සහායකයකු ලෙසයි ඔහු කටයුතු කළේ.

සන්සයින් සුද්දා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්.

දකුණේදී වෙඩි

මිරිස්ස කොටවිල වරකපිටිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අද (3) දහවල් 11:15 ට පමණ මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ඝාතනය වූ ප්‍රදේශයේ පාසලක් අසල කැලෑ බද ප්‍රදේශයක සිට පැමිණි නාඳුනන පුද්ගලයෙකුයි සන්සයින් සුද්දාට මෙසේ වෙඩි තබා තිබෙන්නේ.

31 වැනි වියේ පසු වුණ සන්සයින් සුද්දා වෙඩිවැදුණු මිරිස්ස ප්‍රදේශයේම පදිංචි කරුවෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මේ බව තහවුරු කොට තිබෙනවා.

ඩුබායි වලත් නඩු

සන්සයින් සුද්දාට එරෙහිව මෙරට පමණක් නොව ඩුබායි අධිකරණයකද නඩු විභාග වෙමින් පවතිනවා.

ඔහු මාකදුරේ මධුෂ්ගේ ඩුබායි සාදයටද සහභාගි වූවෙක්.

Rate this item
(3 votes)
Last modified on Friday, 03 September 2021 19:06