May 16, 2024

කොරෝනා මැද රක්ෂිතයක් වැනසූ අයෙක් අත්අඩංගුවට

September 03, 2021

කතරගම දඹේ ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත කැලයකට බලහත්කාරයෙන් ඇතුලු වී JCB යන්ත්‍රයක් යොදා ගෙන එය එළිපෙහෙළි කරමිනි සිටි පුද්ගලයකු, කතරගම වන නිළධාරින් විසිනි පෙරේදා (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු කතරගම සෙල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරු මීට පෙර අවස්ථා දෙකකදි දඹේ රජයේ රක්ෂිත කැලයට ඩෝසර් යොදා කැලෑව සුද්දකර ඉඩම් ඇල්ලිමට තැත්කල බවත් එම අවස්ථා දෙකේදිම සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරිමට කටයුතු කර තිබුන බවත් වන නිළධාරිහු පවසනවා.

සැකකරු විසින් දඹේ රජයේ කැලය එලිපෙහෙළි කිරිමට යොදාගත් JCB යන්ත්‍රය කතරගම ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුට අයත් බව පැවසෙනවා.

එම යන්ත්‍රය අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ දේශපාලකයන් විසින් වන නිළධාරින්ට බලපෑම් එල්ල වෙමින් ඇතැයිද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියකු අප කල විමසිමකදි පැවසුවා.

මොණරාගල දිසාවන නිළධාරි භාරත දිසානායක, තණමල්විල වැඩබලන අඩවි වන නිළධාරි ඩී.එස්.මනුර යන නිළධාරින්ගේ උපදෙස් මත කතරගම බීට්ටු වන නිළධාරි ධනුෂ්ක චන්දිමාල්, වන ක්ෂේත්‍ර සහකාර අජිත් කුමාර යන නිළධාරින් විසින් මෙම වැටලී සිදු කර තිබෙනවා.

හෙක්ටයාර 157ක් පමණ විශාලත්වයකින් යුතු දඹේ රජයේ රක්ෂිත කැලය තර්ජනයට ලක්ව ඇති රජයේ රක්ෂිත කැලෑවක් ලෙස හදුනා ගෙන තිබෙනවා.

(මොණරාගල - නයනජීව බණ්ඩාර)

 

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 11:45