May 15, 2024

අස්ගිරි මල්වතු පාර්ශව ගුරුවරුන්ගෙන් කළ ඉල්ලීම Featured

September 02, 2021

මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබා දුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරන්නැයි අස්ගිරි සහ මල්වතු පාර්ශව ගුරු - විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

කොවිඩ් වසංගත මැද වුවද රජය පාර්ශවයෙන් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් රට තුළ පවතින තත්ත්වය තේරුම්ගෙන කටයුතු කරන ලෙස ඉන් ඉල්ලා තිබෙනවා.

රජය මේ මේහොතේ ඉදිරිපත් කර තිබෙන විසඳුමට යම් ප්‍රමාණයකට හෝ නම්‍යශීලී වී දරුවන් ගැන සිතා අධ්‍යාපන කටයුතු යළි සිදු කරගෙන යන ලෙස ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිවූ නිර්දේශ, චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කරන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට සුදානම් බව ගුරු - විදුහල්පති වෘත්තිය සංගම් පවසා තිබුණා.

Rate this item
(0 votes)