May 17, 2024

"ගුරුවරුන්ට දුන්න 5000 නැවත දුන්නොත් සතුටින් බාරගන්නවා" (VIDEO)

September 01, 2021

ගුරුවරුන්ට දුන්න 5000 නැවත දුන්නොත් සතුටින් බාරගන්නවා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ රජයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

"මුල්‍යම වශයෙන් අපිට ගැටළු තියෙන බව සැබෑව. ගැටළුවක් තියෙනවා. නමුත් අපිට මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය අපි සංවේදීව බැලිය යුතු නිසා තමයි කැබිනට් මණ්ඩලය සාකච්ජා කලේ මොන තරම් ප්‍රශ්න තිබුණත් අපි මේ ගුරුවරුන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම ගුරුවරුන් මෙම යෝජනාවලිය පිළිගත්තා කියලා ප්‍රකාශයට පත් කරමින් මේ වගේ 5000 වගේ ලබා දෙන්න. විශේෂයෙන්ම අපේ දරු පරපුර අපිට වැදගත්. අපේ රට ගොඩ නගන්න බැහැ අපේ දරු පරපුර අඳුරේ තියලා. මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි මිට වඩා කැප කිරීම් කරන්න ඕනේ. ඒ නිසා තමයි ඔබ කිව්වා වගේම අපිට ලොකු කැපකිරීම් ප්‍රමාණයක් කරන්න වෙයි. ඒ නිසා තමයි අපි කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන අපි මාසික වැටුප පරිත්‍යාග කරයි. අපේ ආර්ථික තත්වය හොඳ නැති වුණත් අපි කැපකිරීම් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරු මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා. ඒ අනුව අනිත් ගමන් වියදම්, වෙනත් වියදම් සිමා කරන්න අනිත් රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් කපා හරින්න ඒ වගේ දේවල් කරයි. ඒ දේවල් ඉතුරු කරගෙන හරි අපි බැලුවා දරුවන්ගේ අධ්‍යාපනය වැදගත් අපිට රටට. ඒ නිසා තමයි ඒක ආයෝජනයක් කියලා හිතලා මේ රුපියල් 5000 බැගින් දෙන්න ඕනේ කියලා තීන්දු කලේ. වෘත්තීය සමිති ඒක පරිත්‍යාගයක් ලෙස නැවත දෙන්න කටයුතු කරනවා නම් ඒක සතුටෙන් භාර ගැනීමක් සිද්ධ වෙනවා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 September 2021 14:20