May 14, 2024

රජය රැකියා දීම නවතයි! වැටුප් කප්පාදුවකටත් සැරසෙයි Featured

September 01, 2021

රට තුළ පවතින මූල්‍ය තත්ත්වය සැලැකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනාවන් පිළිබඳව සැලැකිල්ලක් දක්වන ලෙසත්, දැනට දෙපාර්තුමේන්තු සහ අමාත්‍යංශ සතුව ඇති කලමනාකරණය කරගත හැකි වියදම් කලමනාකරණය කරගෙන දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය වෙත පවසා තිබෙනවා.

ඊයේ (31) දිනයේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ “අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක් රට මුල්‍යම වශයෙන් අපහසු කාලසීමාවක් පසු කරන බව. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සහ ඒ සම්බන්ධයෙන් වඩාත් අවධානයක් යොමුකොට හොඳ මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස එහිදී ප්‍රධාන කාරණය ලෙස අපිට සඳහන් කරන්න තියෙන්නේ. අපි ඒ කටයුත්ත අනිවාර්යෙන්ම කළ යුතුව තිබෙනවා.” යනුවෙනි.

පසුගිය අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ දැනට වැඩ ආරම්භ කර නොමැති ව්‍යාපෘති තිබෙනවා නම් ඒවා මේ වසර තුළදී මුල්‍යයම වශයෙන් ඉදිරියට ගෙන යෑමට නොහැකි නම් ඒම වැඩසටහන් පිළිබඳව නැවත ප්‍රගති සමාලෝචනයක් සිදුකොට තීන්දුවක් ගන්නා ලෙසද කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තිබේ නම් එම බඳවා ගැනීම් නතර කරන ලෙසද මුදල් අමාත්‍යංශය විසින් දැනුම් දීමක් කර තිබේ.

එමෙන්ම අමාත්‍යංශ කාර්ය මණ්ඩලයට, දෙපාර්තුමේන්තු ඇතුළු ආයතනයන් සඳහා දැනට ලබාදෙන අනවශ්‍ය දීමනා නවතා දැමීමට මෙහිදී තීරණයක් ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ “ විශේෂයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ඇතුළු සීමා පනවා තිබෙන කාල සීමාව තුළ උදාහරණයක් හැටියට ඉන්ධන දීමනාව ඇතුළු දීමනා ලබාදෙනවා නම් ඒවා පිළිබඳව දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස පවත්වාගෙන යන ලෙස තමයි එහිදී සඳහන් වුණේ” ලෙසිනි.

රජයේ මූල්‍ය තත්ත්වය කලමනාකරණය කරගැනීම සඳහා සිදුකරනු ලබන ක්‍රියාවලියක් බවද එහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 September 2021 00:25