May 14, 2024

වාහන ආපසු හරවා යවයි - පොලීසියේ නීතිය තදින්ම (PHOTOS)

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශයේ උපදෙස් මත රජය විසින් ලබන මස (06) දින දක්වා පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට හැටන් පොලිසිය අද (31) දින සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

හැටන් නගරයේ ඇතැම් වෙලදසැල් හිමියන් නිරෝධායන නිතියට පටහැනිව කටයුතු කරමින් ඉතා සුක්ෂම ලෙස වෙලදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු සිදු කිරිම සහ නගරය පුරා රථ වාහන නතර කර තැබිම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත හැටන් පොලිසියේ නිලධාරින් නිරෝධායන ඇදිරි නිතිය අද (31) දින සිට දැඩිව ක්‍රියාත්මක කර කිරිමට කටයුතු කර තිබෙනවා.

නිසි අවසර බලපත්‍රයක් නොමැතිව හැටන් නගරයට සහ නගරය හරහා ධාවනය කිරිමට පැමිණි වාහන කිහිපයක්ම ආපසු හරවා යැවිමට හැටන් නගර පුරා ආරක්ෂක රාජකාරියේ නියැලි සිටින පොලිස් නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)                          

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 August 2021 12:21