May 13, 2024

ලංකාව රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් බලලත් නිලධාරි(2) (වොරන්ට් ඔෆිසර්) නිලයට ඊයේ(30) උසස් කරනු ලැබීය.

ඔහු එම නිලයට උසස් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ අනුමැතිය මත යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔහු රටට අත් කර දුන් ගෞරවය අගය කරමින් මෙම නිලය පිරිනැමූ බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේ.

දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා යුදහමුදාවේ මෙතෙක් දැරුවේ සැරයන් නිලයයි. එම තනතුරේ සිට තවත් තනතුරු දෙකක් පසුකර මෙම නව තනතුරට ඔහු උසස් කරනු ලැබ සිටියි.

F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් එම නව ලෝක වාර්තාව තබා ඇති අතර ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.

Rate this item
(1 Vote)