May 15, 2024

ප්‍රමිතියෙන් තොර ඔක්සිමිටර් 250ක් මාට්ටු (PHOTOS)

ප්‍රමිතියෙන් තොර ඔක්සිමිටර් සොයා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිදු කළ වැටලිමකදි ඖෂධ ශාලා 42ක නියමිත ප්‍රමිතියෙන් තොරව තිබු ඔක්සිමිටර් 250ක් සොයා ගත්බව දකුණු පළාත් ආහාර හා ඖෂධ පරික්ෂක කේ.එච් ජයරත්න මහතා පවසනවා.

තත්වයෙන් බාල ඔක්සිමිටර් අලෙවි වන බවට ජාතික ඖෂධ නියාමක අධිකාරියට හා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට ලද පැමිණිලිවලට අනුව ලංකාවේ පළමු වරට ඊයේ (28) දින ගාල්ල, කරාපිටිය, බද්දේගම හා අම්බලන්ගොඩ යන නගර ආශ්‍රිතව  පිහිටි ඖෂධශාලා  42ක් පරික්ෂා කළ බවද ඒ මහතා පවසනවා. එම ඖෂධශාලාවල තිබි ප්‍රමිතියෙන් තොරව තිබු ඔක්සිමිටර් 250ක් පමණ සොයාගත් බවද ඒ මහතා පවසන්නේ.

ඉදිරියේ දි ප්‍රමිතියෙන් බාල මෙකි ඔක්සිමිටර් ජාතික ඖෂධ අධිකාරියට වාර්තා කිරිමෙන් අනතුරුව ලැබෙන වාර්තා අනුව ඉදිරියේ දි එම ඔක්සිමිටර් ළග තබාගත් පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කරන බවද ඒ මහතා පැවසුවා.

මෙකි වැටලිම පිළිබද අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළා.

"ලංකාව පුරා තත්වයෙන් බාල ඔක්සිමිටර් අලෙවි වන බවට විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියට හා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත පැමිණිලි ලැබි තිබුනා. ලංකාවේ මුල්වරට ප්‍රමිතියෙන් බලා ඔක්සිමිටර් සොයා මෙහෙයුමක් ආරම්භ කළා. එය අප ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. ගාල්ල නගරය, කරාපිටිය, බද්දේගම, අම්බලන්ගොඩ යන ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්‍රිතව මෙකි වැඩසටහන ක්‍රියාත්මක කළා. දකුණු පළාතේ ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ වැටලිම් කණ්ඩායම් විසින් තමයි මෙකි වැටලිම සිදු කළේ. කොරෝනා වසංගතය ඉතා සිඝ්‍රයෙන් පැතිරයන මේ අවස්ථාවේ තමන්ගේ රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය මැන ගැනිමට තියෙන ස්වයං අවස්ථාව තමයි ඔක්සිමිටරයක්  භාවිතා කිරිම. මේ වගේ බාල ඔක්සිමිටර් භාවිතා කිරිම නිසා  වැරදි දත්ත තමයි යන්ත්‍රයෙන් ලැබෙන්නේ. මේ නිසා ජනතාව අපහසුතාවයන්ට ලක්වෙනවා. ඉදිරියේ දි මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල තත්වයෙන් බාල ඔක්සිමිටර් සොයා දිගින් දිගටම වැටලිම් සිදු කරනවා." 

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

 

 

Rate this item
(0 votes)