May 18, 2024

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරයටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේදී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ සඳහන් කරන අතර ඌව පළාතේත්, අම්පාර, හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද සඳහන් කරනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 August 2021 12:35