May 18, 2024

එන්නත් දෙන්න ගෙදරටම එන අලුත්ම බලකාය (VIDEO)

ජනපති උපදෙස් පරිදි ජංගම එන්නත්කරණ වැඩසටහන පසුගිය 17 වනදා ආරම්භ වුණා.

විවිධ රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරික්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකතන අංක ඔස්සේ තොරතුරු ගෙන ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ඇරඹුනා.

මෙම එන්නත්කරණ වැඩපිළිවෙල මේ දිනවලද ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ පුර්ණ සහයෝගය මේ සඳහා හිමි වෙනවා.

දිනකට එන්නත් මාත්‍රා 200ක් පමණ මෙම එන්නත්කරණ වැඩපිළිවෙල මඟින් ලබා දීම සිදු කරනු ලබනවා. එක් දිනක් තුල පොලිස් වසම් කිහිපයක් වගේම ග්‍රාමසේවා වසම් කිහිපයක්ද ආවරණය කරනු ලබනවා.

එමෙන්ම එන්නත් ලබා ගන්නා සියලු දෙනාගේම දත්ත ඒ වෙලාවේම යාවත්කාලින කරනු ලබනවා.

මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ගැන ජනතාව දක්වන්නේ මෙවැනි අදහසක්,

"සර්විස් එක නම් ඉස්තරම්. මේක කොච්චර ලොකු සර්විස් එකක්ද? ගෙනියන්න බැරි වයසක මිනිස්සුන්ට කරන ලොකුම සේවාවක්. ඇත්තටම අපි අගය කරන්න ඕනේ. මේක තමයි මිනිස්සු දකින්නේ නැති පැත්ත. මම කතා කරලා දවසක් ගියේ නැහැ. බොහොම හොඳට කතා කරලා ලස්සනට සුහදව කතා කරලා ඩිටෙල්ස් අරගෙන පහු වෙනිදාම එව්වා. ඒ සර්විස් එක වචනයෙන් කියලා නිම කරන්න බැරි සර්විස් එකක්."

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 August 2021 15:47