May 03, 2024

රටේම හදවත් කම්පා කළ ඡායාරූපයේ කතාව (PHOTOS)

කොරෝනා වෛරසයේ භයානක බව පිළිබඳව අපට දැන් දිනෙන් දින පුවත් අසන්නට ලැබෙමින් තිබෙනවා.

එලෙස ඇසෙන්නට ලැබෙන පුවත් අතර හදවත් කම්පා කරන ලද සිදුවීමක් ඊයේ (25) දිනයේ වාර්තා වුණා.

සිය දරු උපත බලාපොරොත්තුවෙන් මවක් ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසයි.

ඇයගේ දරු ගැබට ඒ වන විට මාස 05ක් සම්පුර්ණ වී තිබුණා. නමුත් එම දරුවාට මෙලොව එළිය දකින්නට කොරෝනා වෛරසය ඉඩ ලබාදුන්නේ නැහැ.

එම මවගේ මාස 05ක් වන දරු ගැබටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු අතර ඒ නිසාම ඇයගේ කුස තුළම මිය ගොස් තිබුණා.

මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඇයට සැත්කමක් සිදුකර මිය ගිය කළලය ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. 

මෙලෙස ඉවත් කළ කළලයේ අවසන් කටයුතු ඊයේ (25) දිනයේ සවසම ගම්පොළ ආදාහනාගාරයේදී සිදු කළේ බොහෝ දෑස්වලට කඳුළු එක්කරමින්.

මිය දරුවාගේ කළලය ආදාහනාගාරය වෙත කුඩා පෙට්ටියක දමා රැගෙන එන ආකාරය මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණේ පහත අයුරින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 August 2021 00:19