May 13, 2024

ගොඩනැගිලි සංකීර්ණයක් විනාශ මුඛයේ - කොවිඩ් රෝහලකට ගන්නැයි ඉල්ලීම් (PHOTOS)

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදු කරන අවස්ථාවේදී චීන ජාතිකයන් නේවාසිකව රැඳී සිටී විශාල ගොඩනැඟිලි සංකීර්ණයක් මේ වන විට විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

රටේ පවතින කොරෝනා වසංගතය නිසා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් පිරී ඉතිරී ඇති අවස්ථාවක සුළු නඩත්තු කටයුතු සිදු කිරීමෙන් පසුව මෙම අතහැර දමා ඇති ගොඩ ගොඩනැගිලිවල 400කට 500කට පමණ පුද්ගලයන්ට  නේවාසිකව ප්‍රතිකාර ලැබීමට හැකියාව තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

චීන ජාතිකයින් මොරගහකන්ද ජලාශයේ වැඩ අවසන්කොට ඔවුන්ගේ මව් රට බලා පිටව ගොස් අවසන් බවත් එහෙත් ඔවුන් නේවාසිකව සිටි ගොඩනැගිලි සියල්ල මෙයාකාරයෙන් විනාශ වෙමින් පවතින බවත් එම ගොඩනැගිලි කුමන හෝ අත්‍යවශ්‍ය කාරණාවකට යොදා නොගත්හොත් විනාශ වන බවද ජනතාව පෙන්වා දෙනවා.

මෙම ස්ථානයේ විදුලිය ජලය මෙන්ම අවට ජනශුන්‍ය තත්ත්වයක් පවතින බවත් ආරක්ෂක කුටි වැසිකිලි පද්ධති මෙන්ම අංගසම්පූර්ණ නේවාසික පහසුකම් පවතින බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

ඇතැම් ගොඩනැගිලිවල කිසියම් කණ්ඩායම් විසින් ගලවා ගෙන ඇති බවත් එහෙත් වහල පවතින ගොඩනැගිලි ද රැසක් එකම භූමියේ පිහිටා ඇති බවද ජනතාව පෙන්වා දෙනවා.

මෙම ගොඩනැගිලි සංකීර්ණයේ හදිසි රෝහල් පවත්වා ගෙන ගියහොත් වෛද්‍යවරුන්ට සේවකයන්ට මෙන්ම අනෙකුත් කාර්‍යයන්වලට වෙන වෙනමම ගොඩනැගිලි පවතින බවත් එම නිසා කඩිනමින් මෙම මොරගහකන්ද ප්‍රදේශයේ පිහිටා ඇති චීන ජාතිකයන් නවාතැන් ගෙන අත හැර දමා ඇති ගොඩනැගිලි රටේ අවශ්‍යතාවය පරිදි යොදා ගන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 August 2021 12:08