May 19, 2024

පුළුවන්නම් හැට නව ලක්ෂය අත කපා ගන්නවා - හේතුව මන්ත්‍රී කියයි

මේ ආණ්ඩුවට ඡන්දය දුන් අය පුළුවන් කරගන්නා දෙයක් පිළිබඳව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා හෙළිදරව්වක් කරනවා.

ඒ මෙවර රට වසා දැමීමේදී දෛනිකව ආදායම් උපයන්නන්ට ආණ්ඩුව ලබාදීමට තීරණය කොට තිබෙන රු.2000 මුල් කොටගෙන.

ලැජ්ජයි කියන්න

මීට පෙර දෙවතාවක්ම කොවිඩ් වසංගතයේ හේතුවෙන් රට වසා දැමූ අවස්ථාවේ රු. 5000 ක මුදලක් දෛනිකව ආදායම් උපයන්නට හා නැති බැරි අයට ලබාදුන් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් මෙවර එය රු. 2000 දක්වා අඩු කිරිම ලැජ්ජා සහගත දෙයක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ආණ්ඩුවට ඡන්දය දුන්න අය පුළුවන් නම් දැන් අත කපා ගන්නා බවයි සඳහන් කරන්නේ.

දෙදහ දෙන්න ලෑස්තියි

මෙවර රට වසා දමා තිබෙන දින දහය තුළ ආදායම් අහිමි වන දෛනික ආදායම් උපයන්නන්ට රු. 2000 ක දීමනාවක් ලබා දීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වෙන් කර ඇති බවයි එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා හෙළිදරව් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 August 2021 20:13