May 19, 2024

වයස අවු. 18 - 30 අතර අයට සෞඛ්‍ය අංශ වෙතින් නිවේදනයක්

කොරෝනා වසංගත පාලනය කිරීම සඳහා මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවෙමින් තිබෙනවා.

මෙතෙක් වයස අවුරුදු 30ට වැඩි අය සඳහා මෙම එන්නත ලබාදීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. 

එම ක්‍රියාවලිය ඉතාමත් ඉහළ ආකාරයෙන් සිදුවීම නිසා වයස අවුරුදු 18 සහ 30 අතර පසුවන අයටත් එන්නත ලබාදෙන්න සෞඛ්‍ය අංශයන් තීරණය කර තිබෙනවා‍.

ඒ අනුව එම වයස් කණ්ඩායේ පුද්ගලයින් සඳහා ලබන සැප්තැම්බර් මස දෙවැනි සතියේ සිට එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බවට වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළා.

මෙම වයස කණ්ඩායේ පසුවන්නන් ලක්ෂ 32ක් මෙරට සිටින බවටයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

Rate this item
(3 votes)
Last modified on Monday, 23 August 2021 08:26