May 21, 2024

මහනුවර අවසන් මහා රන්දෝලි පෙරහර අද

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (22) රාත්‍රී 6.44ට යෙදෙන සුබ නැකතින් වීථි සංචාරය කිරීමට සූදානම්ය.

හෙළයේ විචිත්‍රවත්ම කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 09 දින සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ විය.

ප්‍රථම කුඹල් පෙරහර 13 දා වීදී සංචාරය කළ අතර රන්දෝලි පෙරහර ආරම්භ වූයේ අගෝස්තු මස 17 දින ය.

මෙම පෙරහර මංගල්ලයට කලාකරුවන් දහසකට අධික පිරිසක් සමඟ අලි ඇතුන් 65 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය.

 අවසන් මහා රන්දෝලි පෙරහරේ සජීව විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

Rate this item
(4 votes)
Last modified on Sunday, 22 August 2021 14:52