2014 වර්ෂයේදි මූලික සැලසුම් සකස්කල ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මතින් ඉදිවන නව කැලණි පාලමේ ඉදිකිරීම් වල ප්‍රගතිය 98.5% ක් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
නව කැලණි පාලමේ තව සිදු කිරීමට ඇත්තේ ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීම, වානේ පාලම් කොටස පින්තාරු කිරීම, නව කැළණි පාලමට සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ කානු පද්ධතිය නිම කිරීම, පාලම ආලෝකකරණය, ආරක්ෂාව සදහා වන යකඩ වැට ඉදි කිරීම සහ භූමි අලංකරණය සිදු කිරීම වන අතර ඒවාද නියමිත ප්‍රමිතියෙන් හා කඩිනමින් ඉදි කරන ලෙස අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ මාර්ගයේ දෙපස පැල සිටුවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම පැල සදහා ජලය සැපයීමට භූගත ජල නල පද්ධතියක් ඉදිකිරීමට නියමිතය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පසුගිය 19 වැනිදා අමාත්‍යාංශයේ පැවති නව කැළණි පාලමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.