May 17, 2024

"රට වසා දමන්න" - අස්ගිරි, මල්වතු මහානාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි - මල්වතු මහානායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදෙමින් ජන ජීවිත සුරක්ෂිත කිරීම පිණිස සිදුකරනු ලබන සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව ද උන්වහන්සේලා සිය ප්‍රශංසාව ජනාධිපතිවරයා ඇතුළු රජයට පිරිනමා තිබෙනවා.

එහෙත් කොරෝනා වෛසරය දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වනවිට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බවද මල්වතු - අස්ගිරි මහානායක හිමිවරු පෙන්වා දෙනවා.

නව විකෘති වෛරස ප්‍රභේදයන්ගේ දරුණු බව හා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශවලින් පෙන්වා දී ඇතැයි ද එම ලිපියේ සඳහන්.

මේ අවස්ථාවේ දී ජන ජීවිතය සුරක්ෂිත කරනු සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ සතියක පමණ කාලයක් හෝ රට වසා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කරන්නැයි මල්වතු මහාවිහාරයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමියන් සහ අස්ගිරි මහාවිහාරයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් ජනාධිපතිවරයා ට අවධාරණය කර තිබෙනවා.

මහනුවර -කේ.එල්. සුරවීර

එම ලිපිය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 20 August 2021 10:25