May 13, 2024

අතක් වෙන් වෙන්නම කපලා - එකම පවුලේ තිදෙනෙක් කඩුත් එක්ක කොටු

කඩුවලින් පහරදි  පුද්ගලයකුගේ අතක් දෙකට වෙන් වී යන ලෙස බරපතල තුවාල සිදු කොට තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු පහර දීමට යොදාගත් කඩු 02ක් සමග ඊයේ (15) අත්අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය පවසනවා.

රත්ගම සිරිකදුරවත්ත ප්‍රදේශයේ දි  පස් හය දෙනෙකුගෙන් යුත් පිරිසක් මග රැක සිට මෙම පුද්ගලයින් දෙදෙනාට පහර දී කපා කොට ඇති බැව් පොලිසිය පවසනවා.

පහරදිමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා. වම් අතේ වැලමිටෙන් ඉහල කොටස දෙකට වෙන්වි යන ලෙස බරපතල තුවාල වලට ලක්වු පුද්ගලයාගේ තත්වය අසාධ්‍ය බවත් ඔහු සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවත් පොලිසිය පවසනවා.

අනික් පුද්ගලයාගේ අතකට බරපතල තුවාල වී තිබෙනවා. තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියකින් යමින් සිටියදි මෙකි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා දොඩන්දුව පටුවත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පැරණි ආරවුලක් මත මෙම සිද්ධිය වි ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)