May 15, 2024

නාවලපිටිය නගරයත් යට වෙයි - මහවැලි ගඟත් පිටාර ගලයි (PHOTOS)

මධ්‍යම කදුකරයට අද (12) උදෑසන සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති වුණා.

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 සහ නාවලපිටිය රෝහල පාර මෙසේ  වැසි ජලයෙන් යට වී තිබුණා.

ප්‍රධාන මාර්ගය අභියස පිහිටි වෙලදසැල් කිහිපයක්ද වැසි ජලයෙන් යට වීම නිසා ව්‍යාපාරිකයන්ද දැඩි අසිරුතාවයට පත්වුණා.

තවද නාවලපිටය ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් නාවලපිටිය වලපිටිය සහ වැලිගම්පල ප්‍රදේශයේ නිවාස රැසක් සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවි තිබෙනවා.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (12) දින උදෑසන සිට අධික වර්ෂාව ලැබෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා.

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (12) දින උදෑසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග වැසි ජලය ගලා බසින කානු පද්ධතියක් අවහිර වීම නිසා නෝටන්බ්‍රිජ් නගරයේ බස් නැවතුම්පල අවට කොටසක් ජලයෙන් යට වී ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසුවේ.

(හැටන් - රංජිත් රාජපක්ෂ)                   

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 August 2021 15:19