May 19, 2024

ගෑස් මිල ඉහළට

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වනවා.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ දැමීමට අවසර ලබා දී තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.

ලාෆ් ගෑස් මිල වැඩි කළ ද ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ලිට්‍රෝ සමාගම රජයට අයත් සමාගමක් මෙන්ම වෙළෙඳපොල ඉල්ලුමෙන් සියයට 85 ක් සපයන බැවින් එහි මිල ඉහළ නොදමන බව කී රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා ලාෆ් සමාගම මිල වැඩි නොකිරීම හේතුවෙන් නිෂ්පාදනය අත්හිටුවීම නිසා මිල ඉහළ දැමීමට සිදු වූ බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 August 2021 12:56