May 14, 2024

ලාෆ් ගෑස් හිඟයට ආණ්ඩුවෙන් විසඳුමක්

ලෝක වෙළෙඳපලේ ගෑස් ටොන් එකක මිල 2019 වසරට සාපේක්‍ෂව සියයට 80කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සමූපකාර සේවාල අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

2019 වසරේ ලෝක වෙළෙඳපලේ ගෑස් ටොන් එකක මිල ඩොලර් 361 ක් වුවද මේ වන විට ටොන් එකක මිල ඩොලර් 651 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එයට සාපේක්‍ෂව කිලෝ 12ග5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 කට මිලකට අළෙවි කළ ද එම මිල රුපියල් 750 කින් වැඩි කිරීමට මාස හයක සිට ගෑස් සමාගම් ඉල්ලා සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

රජයේ ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීමේ වගකීම නිසා ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය ලබානොදුන් බවත් අමාත්‍යවරයා ලෙස තමන් සහ රජය පාරිභෝගිකයා අපහසුතාවට පත්වීම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බවත් වැඩිදුරටත් පවසනවා.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ කල පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්‍ෂයේ සහකාර සංවිධායක මොහොමඩ් මුසම්මිල් මහතා "ලාෆ්" ගෑස් පාරිභෝගිකයන්ට ඉක්මන් පිළියමක් යොදන ලෙස කරන ලද ඉල්ලීමට පිළිතුරු සපයමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එසේ ලිඛිතව පිළිතුරු සපයා තිබුණා.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 11 August 2021 15:55