May 14, 2024

"එන්නත්කරණයට කාලතුවක්කු රෙජිමේන්තුව පාවිච්චි කළේ නෑ" - ආරක්ෂක ලේකම්ගෙන් සැර කතාවක්

ඇතැමුන් පවසන පරිදි එන්නත්කරණය සඳහා යුද හමුවේ කිසිදු නොපුහුණු අයෙක් අනුයුත්ත කර නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

යුද හමුදා වෛද්‍ය බලකාය ඒ සඳහා පුහුණුව ලත් යුද හමුදා භට පිරිස් එන්නත්කරණය සඳහා යොදා ඇති බවයි ඒ මහතා පවසන්නේ.

එන්නත්කරණ සඳහා යුද හමුදා භට පිරිස් යෙදවීමට හේතුව ද එහිදී ආරක්ෂක ලේකම්වරයා මෙලෙස පැහැදිලි කළා.

"අපේ සමාජයේ ඉන්නවා මොන තරම් හොඳ දෙයක් කරත් ඒක වැරදි විදියට දකින පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ අයගෙන් විවේචන ආවා මේ එන්නත්කරණය කරන්න දන්නේ නැති අය එන්නත්කරණය කරනවා කියලා. මම මෙතන දී රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට, හමුදාව භාරව ඉන්න පුද්ගලයා විදියට වගකීමෙන් යුතුව කියනවා අපි එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව පාවිච්චි කළේ නෑ. අපි මේ සඳහා යෙදව්වේ වෛද්‍ය බලකායේ ඉතාමත් පළපුරුදු අය. ඒ අය වෛද්‍ය කේෂ්ත්‍රයේ අධ්‍යාපනයක් ලබලා, ඒ වගේම ලොකු පළපුරුද්දක් ලබපු අය. ඒ අයගෙන් එන්නත් ලබාගන්න කිසිදු බයක් ඇති වෙන්න දෙයක් නෑ, මෙතන දී අපි කරේ රටට එන්නත් ගෙනල්ලා එන්නත් කරගන්න බැරිනම්, රටේ ජනතාව වසංගතයට ගොදුරු වෙනවා නම් හමුදාවෙන් ඒක කරන්න පූළුවන් නම් මොකද්ද තියෙන වැරැද්ද? "

Rate this item
(3 votes)
Last modified on Wednesday, 11 August 2021 10:03