May 17, 2024

රිෂාඩ් රිමාන්ඩ් කරයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 18 තෙක් රිමාන්ඩ් ගත කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය අද අධිකරණයට ඉදිරිපත් කළා.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 24 වැනිදායි.

Rate this item
(0 votes)